Wednesday, October 23, 2024
Follow Us
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන සැකයි - කාදිනල් හිමිගෙන් යළිත් චෝදනා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණය ඉටුවේදැයි යන්න සැකසහිත බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

රටේ නූතන ඉතිහාසය දෙස බැලූ විට තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේදැයි සිතන්නටත් නොහැකි බවයි එහිමි සඳහන් කළේ.

"ඇත්තටම මිනිසුන්ගෙන් සාධාරණය ඉල්ලන එකත් මහ බොරු වැඩක් කියලා වෙලාවකට හිතෙනවා. ඒ අපි කියන සාධාරණය සත්‍ය සොයාගන්න අපට පුළුවන් වෙයිද කියලා අපි දන්නෙ නෑ. ඒත් අපි අතහරින්නෙ නෑ." යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

මැල්කම් රංජිත් කාදිනල් හිමි මේ බව පැවසුවේ ඊයේ (25) රාගම තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

කාදිනල් හිමි මේ ප්‍රකාශය සිදු කර සුළු වේලාවක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ කාදිනල් හිමිගේ ඉල්ලම් පරිදි තමන් බලයට පැමිණියහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කරන බවයි.

කාදිනල් හිමිගේ සැබෑ ඉල්ලීම් පවතින්නේ කොතැනද යන්න පිළිබඳ මෙයත් එක් උදාහරණයකි.

(LNW)