Thursday, July 03, 2025
Follow Us
පළාත් රැසකට අදත් වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් කරයි.

(Aruna)