Friday, May 10, 2024
Follow Us
පාසල් සිසුන්ගේ ආරක්ෂාව හමුදාපති බාරගනී

පාසල් සිසුන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම ත්‍රිවිධ හමුදාව බාරගන්නා බැවින්, ආරක්ෂාව පිළිබද විශ්වාසය තබා දරුවන් පාසල් එවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ පාසල්වල දෙවැනි වාරය පසුගිය 06 වැනිදා ආරම්භ කළ නමුත් දිගින් දිගටම වාර්තා වූයේ අවම ප්‍රතිශතයක සිසුන්ගේ පැමිණීමකි. අධ්‍යාපන අමාත්‍යංශය පාසල්වල ආරක්ෂාව සහතික කර ඇති බව ප්‍රකාශ කළද, ආණ්ඩුවේ ප්‍රකාශ පිළිගැනීමට බොහෝ දෙමාපියන් සූදානම් නොවීය.

හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසන්නේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව සැලසීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසිය වගකීමක් බවයි. ඒ අනුව මේ වනවිට ආරක්ෂාව සහතික කර ඇති බැවින් කටකතාවලට නොරැවටී දරුවන් පාසල් එවීම සදහා කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

(LNW)