Wednesday, July 02, 2025
Follow Us
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නමැති මොහු නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම සැකකරුට ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් ලබා දී ඇති නාමය වන්නේ අබු හසාම් වන බවත් රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත බවත් ඔහු සඳහන් කළේය.

සැකකරු වයස අවුරුදු 16ක් වූ අම්පාර අරක්යාල කුකුණගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහුගේ පියා වන නවුෆර් මවුලවි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

(Aruna)