Tuesday, July 01, 2025
Follow Us
වහබ් අන්තවාදයට එරෙහි වූ ජනතා අත්සන්

වහබ්වාදයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අද(15) කුරුණෑගලදී සිදු කෙරුණි.

වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ වයඹ බලමුළුව විසින් මෙම අත්සන් ලබා ගැනීම සංවිධානය කර තිබුණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි ව ක්‍රියා කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ සුදානමක් ඇති බව පවසමින් එයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම සිදු කරයි.

මෙම පෙත්සම ජනාධිපති කාර්යාලයට සහ ශ්‍රී ලංකා පොලිස් කොමිසම වෙත භාර දීමට නියමිත බව එම සංවිධානය පවසයි.

අද දිනයපුරා කුරුණෑගල නගරයේ ස්ථාන තුනකදී මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගන්නා බව අප වාර්තාකරු පැවසීය.

(Lanka Leads)