Tuesday, July 01, 2025
Follow Us
"සතුරාගේ ස්වභාවය වෙනස් වී ඇතත් හමුදාවේ ශක්තියත් වැඩිදියුණු වෙමින් ඇති බව යුද හමුදාපති කියයි"

මේ වනවිට රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සතුරාගේ ස්වභාවය වෙනස්වී ඇති බවත් ඒ සඳහා මුහුණදීමට හමුදාවේ ශක්තියද අඛණ්ඩව අලුත් කරමින් සිටින බවත් යුද හමුදාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

උතුරේ ඉඩම් ක‍්‍රමානුකූලව සහ අවශ්‍යතාව පරිදි ජනතාව වෙත මුදා හැරීම තවදුරටත් නිසි පරිදි සිදුවන බවද ඒ පිළිබද කිසිදු ගැටළුවක් නොමැති බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

(Neth)