Thursday, April 25, 2024
Follow Us
ඇමෙරිකානු ‘වීසා රහිත කතාව’ බොරුවක් .

ඇමෙරිකානු ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල නාම ලේඛනය ඇතුළත් ප්‍රකාශනයක් ද ඇමෙරිකානු තානපති කාර්යාලීය නිවේදනයට එකතුකර ඇත .

ඒ අනුව ‘වීසා රහිත ඇමෙරිකානු වැඩ සටහනට’ (Visa Waiver Program- VWP) අයත් රටවල් සංඛ්‍යාව තිස් අටක් වන අතර එම ලැයිස්තුවට අයත් ආසියානු රාජ්‍ය සංඛ්‍යාව හතරක් පමණි,

එනම් බෘනායි, සිගප්පූරුව. තායිවානය සහ දකුණු කොරියාවයි.

ඉහත කී VWP වැඩ සටහන අනුව වීසා ලබා ගැනීමකින් තොරව අදාළ රටවල් තිස්අටේ බොහෝ පුරවැසියන්ට සංචාරක හෝ ව්‍යාපාරික අරමුණු අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයට අවස්ථාව සැලසෙයි.

ඇමෙරිකා වීසා ව්‍යාජ පුවත් Visa Waiver Program
එහෙත් එම පුද්ගලයන් සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කරනු ලැබීමට පෙර එවැනි සංචාරයක් සඳහා බලය හිමිවෙන විද්‍යුත් අවසරය (ESTA)ලබා සිටිය යුතුය.

මේ අතර පැතිර යමින් තිබුණ ව්‍යාජ කටකතා මගින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවත් ත්‍රස්ත විරෝධී රාජ්‍ය අතරට එක් වූ හෙයින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත් ඩොලර් දාහතරක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි බවය.

(LNC)