වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට සියලු බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමිවන බව වාර්තා වේ .
ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය ඒ සඳහා වෙන් වනු ඇති.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද දිනයේ පමණක් සිරකරුවන් හමුවීමට පැමිණෙන ඥාතීන්ට ආහාර පාන රැගෙන ඒමට ද අවස්ථාව ලබාදෙන බවයි.
(LNC)