Monday, February 09, 2026
Follow Us
සාෆිගේ නඩුවට මාස හතරක විරාමයක් !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

අයථා මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ සාෆි වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවට අදාලව පිටු 12 ක වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

(LNW)