Monday, February 09, 2026
Follow Us
නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යන ලකුණු ?

ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කතානායකවරයා 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනයට අත්සන් තැබූ දින සිට එය බලාත්මක වෙන බැවින් එදින සිට වසර 5ක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයේ සිටීමට හැකි බවට මේ වන විට නීති උපදෙස් ලැබී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගේ මතය විමසීම ඉතාමත්ම ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා සුදානම් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.

(Lanka Leads)