Thursday, April 25, 2024
Follow Us
රණවිරුවන්ගේ වටිනාකම දැනෙන්න පටන් අරන්

තිස් වසරක කුරිරු යුද්ධය නිමාකොට වසර දහයක් ගතව තිබියදී රණවිරුවන්ට චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වීරත්වය හෙළා දැකීම බෙහෙවින්ම කණගාටුදායක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ වසර දහයකට පසු රණවිරුවන්ගේ වටිනාකම මේ වන විට යළි අවබෝධ වී ඇතැයි ඊයේ (18) මහනුවර මයිලපිටිය, ජාතික රණවිරු ස්මාරකය අභියස දී දිලුම් අමුණුගම පදනමේ සංවිධානත්වයෙන් පැවැති විජයග්‍රහණයේ දසවන සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් මරණයට පත්, අතුරුදහන්, තුවාල හා ආබාධිත තත්ත්වයට පත් රණවිරු පවුල්වල ඥාතීන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ දී මියගිය හා අතුරුදහන් වූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර පිදීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

රණවිරුවන් සිය ජීවිතය පුද කළේ ඔවුන් වෙනුවෙන් නොව රට, ජාතිය වෙනුවෙන් වන අතර තමන් උපත ලැබූ භූමිය රැක ගැනීමට ඔවුන් කටයුතු කළ බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

(LNW)