Tuesday, July 01, 2025
Follow Us
කොළඹ කුණු අද සිට අරුවක්කාලු ගෙනියයි

කොළඹ නගරයේ එක්රැස් වන කැලි කසල අද සිට අරුවක්කාලු කසල අංගනය වෙත බැහැර කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා.

ඒ සඳහා පැවති ගැටළු ඊයේ (07) පැවති සාකච්ඡාවලදී විසඳගත් බවයි නාගරික කොමසාරිස්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

කසල බැහැර කෙරෙන රථවල එක් රැස්වී ඇති කසල තොග පළමුව අරුවක්කාලූ කසල අංගනය වෙත බැහැර කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව අද (08) පස්වරුව පමණ වනවිට කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කසල තොග ඉවත් කිරීමට හැකිවනු ඇති බවට ද නාගරික කොමසාරිස්වරයා විශ්වාසය පළ කළා.

(Neth)