Thursday, December 26, 2024
Follow Us
වෛද්‍ය සාෆිගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අයථා ආකාරයට දේපළ උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 27 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින ලබා දුන්නා.

ඒ, මෙම පෙත්සම විනිසුරු සිසිර ද ආබෲ ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවු අවස්ථාවේදීයි. පෙත්සමට අදාළ අමතර ලේඛන ඉදිරිපත් කිරීමට ඉදිරියේ බලාපොරොත්තු වන බවයි වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම පෙත්සම සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා. පොලිසිය විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කර ඇත්තේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ වැඩබලන පොලිස්පතිවරයායි.

(Neth)