Monday, February 09, 2026
Follow Us
පූජිත් සහ හේමසිරි අදත් කොළඹ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද දිනයේත් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙනවා.

ඒ, ඔවුන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීම හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 09.30ට පමණ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහාධිකරණයට පැමිණි බවයි වාර්තා වුණේ.

නීතිපතිවරයා විසින් ගොණුකර ඇති මෙම ප‍්‍රතිශෝධන පෙත්සම පසුගිය මස 23 වනදා කැඳවූ අවස්ථාවේ කරුණු තහවුරු කිරිම සදහා එය අද දිනයේ කැඳවීමට මහාධිකරණය නියෝග කළ.

(Neth)