Tuesday, July 01, 2025
Follow Us
දෙවැනි වතාවටත් සබීතා ජනාධිපති කොමිසම මඟහරී !

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (01) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු සිනමා නිළි සබීතා පෙරේරා මහත්මිය එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ අනුව අගෝස්තු 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට නැවත දැනුම් දීමක් සිදුකර තිබේ.

ඇය මෙසේ කොමිසම මඟහැර ඇත්තේ දෙවන වතාවටය. මීට පෙර ජුලි 17 වනදා ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණ ද ඇය එදිනත් පැමිණ නැත.

අදාළ ගොඩනැඟිල්ල රුපියල් මිලියන 21ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීම්දී ගොඩනැඟිල්ලේ හිමිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයකු වශයෙන් ඒ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට කොමිසම තීරණය කර තිබිණි.

(LNW)