Friday, February 27, 2026
Follow Us
රතන හිමි කුරුණෑගලදී විරෝධතාවයක

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

මෙම විරෝධතාව හේතුවෙන් කුරුණෑගල, නාවින්න මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක්ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රටේ අපරාධ විමර්ශනය කරන අංශ වර්තමානයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෙනුවෙන් පෙනී සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියාසිටියේ.

(Neth)