Thursday, April 25, 2024
Follow Us
තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ විදුහල්පතිවරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නූර් මොහොම්මදු අබ්දුල් රසූල් සහ මොහෙමද් මිජාම් යන අයවළුන්ය. අදාළ සැකකරුවන් හොරොව්පතාන, කපුගොල්ලෑව, පත්තෑව ප්‍රදේශයේ එකම ලිපිනයක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ.

කපුගොල්ලෑව, පත්තෑව ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ඉදිකිරිම සදහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් වලට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්වන සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් මොවුන්ට මුදල් ලබාදී ඇති බවට කරුණු හෙළිවී ඇති අතර බෝම්බකරුවන් සමග මොවුන් දෙදෙනා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවට පොලිසිය සැකකරනු ලබනවා.

අත්අඩංගුවට සිටින සැකකරුවන් දෙදෙනා තව්හිත් ජමාත් සංවිධානය සමග පවතින සබඳතා සම්බන්ධයෙන් මේ වන විට දීර්ඝ වශයෙන් විමර්ශනය කරමින් සිටින බවයි පොලිසිය සදහන් කරන්නේ.

(Neth)