Friday, February 27, 2026
Follow Us
යුද හමුදාපති යළිත් තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.

එදින පෙරවරු 10 ට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත අතර,එදිනට හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි තේරීම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

මීට අමතරව, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද යළි සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතව ඇති අතර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 6 වනදාය.

(Aruna)