Friday, March 27, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව නතර කෙරේ

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, ප‍්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ 05, කොළඹ 07, කොළඹ 08 සහ කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවලට අද පස්වරු 03.00 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම කොළඹ 03, කොළඹ 04 සහ කොළඹ 06 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

(Neth)