Friday, March 27, 2026
Follow Us
අද සිට බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව රථ වාහන සැලැස්මක්.

කොළඹ, බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව අද සිට මාස 3 ක කාලයක් විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ, කොළඹ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියේ සිට තුම්මුල්ල වටරවුම දක්වා වූ මාර්ගයේ සිදු කෙරෙන කැණීම් කටයුත්තක් හේතුවෙන්.

තුම්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වන වාහන තර්ස්ටන් මාර්ගය හරහා නිදහස් වටරවුමෙන් පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බවයි පොලීසිය පැවසුවේ.

(Neth)