Friday, March 27, 2026
Follow Us
හිටපු පොලිස්පති ඉලංගකොන් අද විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිතව ඇත.

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.

මීට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

(Lanka Leads)