Saturday, April 20, 2024
Follow Us
අප්‍රේල් 21 ප්‍රහාරයට IS සම්බන්ධ බවට සාක්ෂි නැහැ – රහස් පොලිස් ප‍්‍රධානියා කියයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පිරිසක් විසින් තුන්වෙනි පාර්ශවයක් හරහා අයි එස් නායකයාගෙන් මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති බවයි.

එම ඉල්ලීම සිදු කර තිබුනේද වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

(Lanka Leads)