Friday, April 26, 2024
Follow Us
කදිරගාමර් ඝාතනයේ සැකකරුවෙකුට ජර්මනියේදී නඩු

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයේ සැකකරුවෙකුට ජර්මන් අධිකරණයක නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබේ.

ජී. නවනීදන් නමැති 40 හැවිරිදි සැකකරු පසුගිය ජනවාරි මාසයේදී ජර්මන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ එරට අධිකරණයකදී අදාල ඝාතනය සම්බන්ධයෙන් ඔහුට අධි චෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම සැකකරු විදෙස් ත්‍රස්ත කල්ලිය සාමාජිකත්වය දරන බවට ද තොරතුරු හෙළි වී තිබේ.

මෙම පුද්ගලයා 2002 වසරේ සිට 2009 වසරේ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වන තෙක් බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර කදිරගාමර් ඝාතනය සිදුකර ඇත්තේ මෙම පුද්ගලයා විසින් ලබාදුන් තොරතුරු මත බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ. එසේම අවසන් සටන් පැවති සමයේදී ඇතැම් එල්ටීටීඊ නායකයන් රටින් පිට කිරීම සඳහා ද මෙම සැකකරු මැදිහත් වී ඇති බව ජර්මන් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

(LNW)