Monday, February 09, 2026
Follow Us
බුද්ධි අංශ, CID, TID ප්‍රධානීන් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (24) රාජ්‍ය බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ ප්‍රධානීන් කැඳවීමට නියමිතය.

ඒ අනුව, අද දිනයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් එම කාරක සභාව හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අද පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිත අතර අද දිනයේ වෙනදා මෙන් එහි කටයුතු වාර්තා කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර ලබාදී නොමැත.

(LNW)