Friday, April 19, 2024
Follow Us
මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙන ඉල්ලීම්වල අසාමාන්‍ය වැඩිවීමක් ගැන හෙළිදරව්වක්

පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉකුත් මාස කිහිපයේදී අසාමාන්‍ය ලෙස වැඩි ඉල්ලීම් ප‍්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කරන මෙම සෑම කණ්ඩායමක්ම දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගතහොත් ඒ නිසා තවත් ගැටළු රැසක් ඇතිවනු ඇති බවයි.

එහිදී "දැන් දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා එනවා... කියන්නේ යෝජනා...තාම එවලා නැත්තේ අපේ ගමේ මරණාධාර සමිතිය විතරයි. එහෙම නැත්නම් සිංහ ක්‍රීඩා සමාජය එවලා නෑ. මේ ප්‍රශ්නය කවුරුත් දකින්නේ නෑ." යනුවෙන් සඳහන් කළා.

නව ප‍්‍රවණතා සැලකිල්ලට ගෙන කිසියම් කණ්ඩායමක් දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගෙන ලියාපදිංචි කිරීම සඳහා වන නීති සංශෝධනය කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

(Neth)