Monday, February 09, 2026
Follow Us
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් හිරවෙයි

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ අද (23) දිනයේදී එම ලිපි බෙදාහැරීම සිදුකරන බවයි.

තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ, බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සදහා දිවයින පුරා තැපැල් සේවකයින් 26,000 කට ආසන්න පිරිසක් එක්ව සිට බව වාර්තා වේ.

(Aruna)