Monday, February 09, 2026
Follow Us
පාසල් දරුවන්ට අද සිට කිරි පැකට්ටුවක් ලැබේ

පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ පළමු වැනි අදියරේදී මිලිලීටර් 150ක කිරි පැකට්ටුවක් පළමු වසරේ සිට පස්වන ශ්‍රේණිය අතර තෝරාගත් පාසල් 900ක ලක්ෂ 06ක දරුවන්ට මෙම කිරි ආහාර වේල ලබා දෙන බවයි.

ප‍්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදීයි. මීට සමගාමීව දේශීය කිරි ගොවියා ශක්තිමත් කරමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහනක්ද ආරම්භ කිරීමට නියමිතයි.

(Neth)