Monday, February 09, 2026
Follow Us
පාස්කු ප‍්‍රහාරයට අදට මාස 03 යි - කටුවාපිටිය දේවස්ථානය අද යළි විවෘත කෙරේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට (21) මාස 03 ක් ගත වනවා. කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ පිහිටි සුපිරි හොටල් 03ක් ඉලක්ක කර සිදුවූ මෙම ප‍්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 263 දෙනෙකු මිය ගියා. මෙම ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 503ක්.

මේ අතර බෝම්බ ප‍්‍රහාරයෙන් මාස 03කට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද (21) විවෘත කෙරෙන බවයි සෙත්සරණ ආයතනයේ අධ්‍යක්‍ෂ කොළඹ අගරදගුරු පදවි, ලෝරන්ස් රාමනායක පියතුමන් නෙත් නිවුස් වෙත පැවසුවේ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි ලෝරන්ස් රාමනායක පියතුමන් මෙහිදී පැවසුවේ. එමෙන්ම ප‍්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ පවුල්වල පුද්ගලයින් සම්බන්ධයෙන් රජය විසින් තවදුරටත් සොයා බැලීමක් සිදු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)