Monday, February 09, 2026
Follow Us
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට උලමා සභාව විරුද්ධ වෙයි

මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවලියට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය මූලික විරෝධය පළකර තිබේ.

එම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.

එය ඉටුකිරිම පැහැර හැරීම ඓතිහාසික ද්‍රෝහිකමක් බව පවසන උලමා සභාව එයට අනුබල දීම මුස්ලිම් සමාජය පාවාදීමක් බවද සඳහන් කරයි.

ulama

(Lanka Leads)