Friday, May 09, 2025
Follow Us
රුසියාවෙන් ගෙන්වන පියයුරු පිළිකා එන්නත එරට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වූවක්

රුසියාවෙන් මෙරටට ආනයනය කරන පියයුරු පිළිකා එන්නත එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ එන්නතක් නොව රුසියාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ ඖෂධයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ඊයේ (17දා) පැවසීය.

මෙම ඖෂධය ගැන නිවැරදි වාර්තා නොමැතිවීම නිසා පිළිකා රෝග විශේෂඥයින් 34 දෙනාගෙන් 28 දෙනකුම රෝගීන් සඳහා රුසියාවෙන් ආනයනය කරන පිළිකා ඖෂධය භාවිත නොකරන බවට ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

(Lanka Leads)