Monday, February 09, 2026
Follow Us
බුද්ධි අංශ ප්‍රධානීන් පත්තරවල පින්තූර දාගන්න හොඳ නම් ජනතාව දැක්කාම මොකෝ ?

බුද්ධි අංශ ප්‍රධානීන්ගේ පින්තූර ජාතික පුවත්පත්වල පළ කරවා ගැනීම සුදුසු නම් ඔවුන්ව ජනතාව දැකීමේ වරදක් ඇත්දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරයි.

පසුගියදා නව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් හිටපු හමුදා මේජර් ජනරාල්වරයකු පත් කළ අවස්ථාවේදී පසුදින සියලුම ජාතික පුවත්පත්වල ඔහුගේ ඡායාරූපය පළමු පිටුවේම පළ කර තිබුණු බවයි ඒ මහතා සිහිපත් කළේ.

එහෙයින් බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ඇතැමුන් එල්ල කරන විවේචනවලට පදනමක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කැළණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)