Monday, February 09, 2026
Follow Us
වැල්ලම්පිටිය තඹ කම්හලේ දසවන සැකකරු යළි රිමාන්ඞ්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ සේවකයින් අතරින් 10වන සැකකරු වන කරුපයියා රජේන්ද්‍ර අබ්දුල්ලා නමැත්තා මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරන අනෙක් සේවකයන් 09දෙනා මීට පෙර ඇප මත මුදා හැරුණා.

(Neth)