Saturday, October 19, 2024
Follow Us
ලබන මස 05 වැනිදා උසස් පෙළ විභාගය ඇරඹෙයි

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත අතර විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704කි.

පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළ අතර නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229කි.

(Aruna)