Saturday, October 19, 2024
Follow Us
උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් දෙමළ රාජධානියක් පිහිටුවන එක කාටවත් නවත්වන්න බෑ – ටෙලෝ

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි.

ටෙලෝ සංවිධානය විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මහනුවරදී මේරටේ දෙමළ ජනතාවට කිසිම අයිතියක් නොමැති බවට හා දෙමළ ජාතිය පහත් කොට කතා කිරීමට එරෙහිව බවද ටෙලෝ සංවිධානය කියා සිටියි.

මේ රටේ සිංහල ජනතාව සමග සහයෝගයෙන් වෙසෙන දෙමළ ජනතාවට සුළු ජාතිය වශයෙන් විශාල අයිතියක් ඇති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය 1956 හා 58 වර්ෂවල සිට දෙමළ ජාතීන් විවිධ අරගල ඇති කර ගනු ලැබුවේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බවද සදහන් කොට තිබේ.

එම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සාර්ථක නොවූ තැන ආරම්භ වූ යුද්ධය වසර තිහක් තිස්සේ පැවති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය යළිත් දෙමළ ජනතාව මේ රට තුළ ආයුධ සන්නද්ධ යුද්ධයක් කරා අවතීර්ණ නොවූවත් අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන අත්නොහරින බවද සදහන් කොට තිබේ.

ඥාණසාර හිමියන්ට සිංහල බෞද්ධයින් වෙණුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය දෙමළ නායකයින්ට ඔවුන්ගේ ජාතිය වෙණුවෙන් පෙනී සිටීම සදහා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

(Lanka Leads)