Saturday, March 28, 2026
Follow Us
ෂාෆිගේ වර්ග සංහාරය ගැන නීතිවේදියකුගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු විසින් මෙම වර්ග සංහාර සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ සතියේදී පැමිණිලි කරනු ඇත

මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදී ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ විදේශ තානාපතිවරුන්ට සැබෑ සත්‍යය හෙළිදරව් කරනු ඇත.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි වන විදේශ තානාපතිවරුන්ට සමාන්තර රැුස්වීමට පැමිණෙන ලෙස ඔහු විසින් ඇරයුම් කර තිබේ.

මෙහිදී කුරුණෑගල රෝහල් බලධාරීන්ගේ විමර්ශන වාර්තාව ද මානව හිමිකම් කොමසාරිස්වරියට භාරදී මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටියි.

(Lanka Leads)