Saturday, October 19, 2024
Follow Us
ෂාෆිගෙන් අසාධාරණයට ලක්වු මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් සංවිධානයක්

වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවේය.

මේ අතර, වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රාවණා බලය සංවිධානයේ සහ සිංහලේ ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා හමු වී සාකච්ඡා කළේය.

වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් අද කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයට රැස් වූ අතර එහිදී වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවේය.

මේ අතර රාවණා බලය සංවිධානයේ සහ සිංහලේ ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ අද කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩම කර, වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කළේය.

(Lanka Leads)