Saturday, October 19, 2024
Follow Us
මුස්ලිම් ළමා විවාහ නතර කිරීමට රතන හිමිගෙන් පනත් කෙටුම්පතක්

මුස්ලිම් ළමා විවාහ නතර කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

පාසල් යන වයසේ දරුවන් විවාහ කරගැනීම රටේ නීතියට අනුව වරදක් බවයි එහිමි ප්‍රකාශ කළේ.

එසේම විවාහය මඟින් ඉස්ලාම් ආගමට හරවාගත් පුද්ගලයින් ප්‍රමාණය 90,000ක් පමණ වන බව පැවසූ එහිමි ඔවුන් කැමති නම් ආපසු තමන්ගේ ආගමට යාමට විශේෂ නීති කෙටුම්පත් කිහිපයක් ද එහි ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

සමහර මද්‍රසා පාසල්වල උගන්වන්නේ ඉස්ලාම් ආගම සහ අරාබි භාෂාව පමණක් බවත් ඒවායේ ගණිතය, විද්‍යාව, ඉතිහාසය ඉගැන්වීම තහනම් කර ඇති බවත් පැවසූ එහිමි එවන් ආගමික උම්මතකයින් බිහි කරන පාසල් පද්ධතිය වසා දැමීමට ද නීති එකී පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් පැවසීය.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)