Saturday, October 19, 2024
Follow Us
හංවඩු ගහන්න තියන හදිස්සිය - නිදහස් වුනාම කෝ

පසුගිය දා රත්නපුර නගරය ඡායාරූප ගතකර කිසියම් අන්තවාදී ප්‍රහාරයකට සූදානම් වන බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් අනියත බියක් ඇතිකරන ලද්දේ සංවිධානාත්මක පිරිසක් බව, එම අභූත චෝදනාවට ලක්ව සිරගතව සිට මේ වනවිට නිදොස් කොට නිදහස් කර සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුෂ්ක දිල්හාර පවසයි.

අසත්‍ය තොරතුරු පොලීසියට ලබාදීමත් පසුව මාධ්‍ය හරහා එම අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට හංවඩු ගැසීමත් සිදුකර ඇත්තේ සංවිධානාත්මක පිරිසක් බවත් ඔහු පැවසීය.

05 පෙරවරුවේ අලුත් පියාපත් සංවිධානය කැඳවන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අසාධාරණයට ලක්වූවන් පිළිබඳ සත්‍ය හෙලිදරව් කිරමින් ඔවුන්ට සාධාරණයක් ඉටුකිරමේ අරමුණින් අලුත් පියාපත් සංවිධානය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී අදහස් දැක්වූ අනුෂ්ක දිල්හාර කලුපහන වැඩිදුරටත් මෙසේද සදහන් කර සිටියේය.

“පසුගිය දින කිහිපය පුරාවටම අභූත මඩ ප්‍රචාර හරහා මාව ප්‍රසිද්දියට පත් කලා ත්‍රස්තවාදියෙක් කියලා..විශේෂයෙන්ම සිංහල කෙනෙක් තවත් මුස්ලිම් අය සමග සම්බන්දව රත්නපුර නගරයම විඩියෝ ගත කරලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුකරන්න සැලසුම් කරනවා කියලා.

මම මුළු රත්නපුරෙ දන්නවා මම සමාජ ක්‍රයාකාරිකයෙක්..රත්නපුරෙ සියලුමපෙරහැරවල් සමාජ මාධ්‍යට යොමුකලේ අපි..එදා (19) බීමත් සිංහල බෞද්ද කියාගත්ත කෙනෙක් අපට බීමත්ව අපහාස කරනවා කියලා ගම්වැසියන් කිහිප දෙනෙක් කීවා ඒ නිසා අපි මේ පිළිබදව විඩියෝ කරන්න ගියා.. එතනට ආපු කෙනෙක් තමා අපි මුලු ගමම වීඩියො කරනවා කියලා පොලිස්සියට දැනුම් දීලා අපිව පොලිස් බාරයට පත්කලේ..ඊට පස්සෙයි අපි ISIS අය කියලා හංවඩු ගහන්න උත්සහ කලේ..

විශේෂයෙන්ම කියන්න ඔන මෙම සිදුවීම සංවිදානාත්මක පිරිස් තමයි මෙහෙයවුවේ…සංවිධානාත්මක පිරිසක් මේ පිටිපස ඉන්නවා..අද සමාජයේ මේවගේ සිදුවීම් අවුස්සලා කුණු කන මිනිසුන ඉන්නවා…එවැනි කිහිප දෙනකුගේ සංවිධානාත්මක වැඩකුයි මේ..

ඒ වගේම මේ වීඩියෝ ගතකිරීම්වලට දෝන කැමරාවක් පාවිච්චි කලා කියලා අපිට චෝදනා එල්ල කලා..නමුත් අපි පාස්කු ප්‍රහාරයෙන් දින 2 පසු පොලිස්සියට අපේ දෝන කැමරාව බාර දෙනවා.ඒ වගේම අපිට ආපු තවත් චෝදනාවක් තමයි රත්නපුරට ගහන්න සිතියම් තිබ්බා කියන එක..ඒ සිතියමක් නෙමේ අයිස්කන්දක ඡායාරෑපයක්.

විශේෂයෙන්ම කියන්න ඔන ඔබතුමන්ලා දැක්කා එක්තරා ස්වාමින් වහන්සේ නමකගේ හැසිරීම..උන්වහන්සේ මෙහෙයවුවේ සංවිදානාත්මකකල්ලියක්.

ඒ වගේම මගේ නිවසේ කුරානයක් තිබ්බා කියලා කියනවා..මෙය තහනම් ගන්ත්‍රයක් නෙමේ..කුරාණය විතරක් නෙමේ තවක් තවත් පොත් 600 ක් පමණ මන් ලග තියෙනවා.නමුත් මාධ්‍ය සහ අනෙකුත් අංශ පෙන්නුවේ මන්ලග හරියට පෙන්නුවේ කුරානය පමණක් තිබ්බා වගේ…

අනික මම විවාහා වෙනන උත්සහ කලේ මුස්ලිම් තරැණියක් සමග කියලත් කියනවා…මන් කා එක්ක විවාහා වුනත් තියෙන ප්‍රෂ්ණය මොකක්ද..ඒක කාටත් අදාල නෑ.

ඒ නිසා අපිකියන්නේ ඉදිරියේ දී , සමාජයේ මෙවැනි දෙවල් නොවිය යුතුයි කියලා…නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියන් එපා.. අද මේ තරම් ලොකු විනාශයක් වෙලා තියෙන්නේ ඒ නිසයි …ඉතින් අපි මාධ්‍යනේ ඉල්ලන්නේ මුලින් අපි වැරදි කියලා හන්වඩු ගහන්න තිබ්බ උනන්දුවම අපි නිර්දෝශි කියලා ඔප්පු වුනාමත් ඒ පිළිබද මතයත් සමාජගත කරන්න උත්හ කරන්න කියලා…”

මෙම මාධ්‍ය හමුව සඳහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික නාරද බක්මීවැව, චතුර දිසානායක, නිර්මාණ වීරසිංහ හා නියාස් හොහොමඩ් ඉර්ෂාඩ් ද එක්ව සිටිය හ.

(News Tube)