Saturday, October 19, 2024
Follow Us
පූජිත ජයසුන්දරට වැඩ තහනමක් ?

රක්‍ෂිත බන්ධනාගාරගතව සිිටින, අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩතහනමට ලක් කිරීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

අදාළ පත්වීම ලබාදුන් පත්වීම් බලධාරියා වන ජනාධිපතිවරයාට ඔහුගේ වැඩතහනම් කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා. තවද අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක්ද සිදුකිරීමේ හැකියාවක් ද පොලිස් දෙපාර්තමේන්තුවට පවතිනවා. එමෙන්ම ඔහු අදාළ නඩුවෙන් නිදහස් වුවහොත් පොලිස්පති ධුරය, යළිත් පූජිත් ජයසුන්දරට ලබාදිය යුතු බවද වාර්තා වනවා.

මෙවැනි තත්ත්වයක් තුළ පොලිස්පති ධුරය සදහා වෙනත් අයෙකු පත් කිරීමටද හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉකුත්දා අත්අඩංගුවට ගැණුනේ දණ්ඩ නීති සංග‍්‍රහයේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ හා ඒ සදහා ආධාර අනුබලදීම යන චෝදනා යටතේයි. ඔහු මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේයි.

(Neth)