Saturday, October 19, 2024
Follow Us
නීති විරෝධී ශරියා අධිකරණයෙන් නඩු අසා කාන්තන්කුඩියේ 20කට මරණ දඩුවම දීලා – සාක්ෂි සහිත හෙළිදරව්වක් (Video)

නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කරති.

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!’ යන තේමාව යටතේ (04) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජන රැලියට එක්වෙමින් අභයතිස්ස හිමයෝ මෙම අණාවරණය සිදු කළහ.

මානව හිමිකම් කොමිසමට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් යොමු කරණ ලද වාර්තාවක මේ බව සඳහන් වන්නේ යයිද උන්වහන්සේ පැවසූහ.

පොලියට මුදල් දීම, රජයට ඔත්තු දීම, ගණිකා වෘත්තියේ යෙදීම, කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවේ සාමාජිකයෙකු වී සිටීම යන චෝදනාවන් සදහා මොවුනට දඩුවම් පමුණුවා ඇති බවත්, මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු සියල්ල තමන් සතු බවත් උන්වහන්සේ කීහ.

(Lanka Leads)