Tuesday, February 10, 2026
Follow Us
දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක් හෙළිවෙයි

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන ඇත.

Divaina