Saturday, October 19, 2024
Follow Us
පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙකුට හමුදාව වෙඩි තබයි

අද (04) දහවල් පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුට යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අක්මීමන මානවිල් ප්‍රදේශයේ පිහිටි උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරීවල යොදවා සිටින අතර විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරියෙකු විසින් මෙලෙස බලහත්කාරයෙන් විදුහලට ඇතුල්වීමට උත්සහ කළ පුද්ගලයෙකු නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර එහිදී එම නිලධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී එය මැඩ පැවැත්වීමට එම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් මරණකරු වයස අවුරුදු 39ක පුද්ගලයෙකු බවත් සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(Neth)