Saturday, October 19, 2024
Follow Us
මරණ දඬුවමට එරෙහි රීට් පෙත්සම හෙටට කල් යයි

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම හිමි සිරකරුවන් 04 දෙනෙකු එල්ලා මැරීමට තීරණය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙත්සම අද (04) සිව්වැනි දිනයටත් විභාගයට ගැනිණි. ඒ අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුණ ඔබේසේකර දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

නීතිපතිවරයා මෙහිදී අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයට අභියෝගයට ලක් කර ඇති බැවින් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම පෙත්සමෙන් අභියෝගයට ලක් කර නොමැති බවයි. එහිදී අභියෝගයට ලක් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම පෙත්සම පිළිබඳ විභාගය හෙට (05) දිනය දක්වා කල් තැබීමට පංච පුද්ගලය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

(LNW)