Tuesday, July 01, 2025
Follow Us
සහරාන්ගේ නැගණියගෙන් අධිකරණයට ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ, සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ට අයත් රුපියල් ලක්ෂ විස්සක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ඒ අනුව සහරාන් හෂිම්ගේ නැගණිය වන නියාස් මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන එම්. නියාස් නැමැත්තාගෙන් මෙන්ම තවත් කාන්තාවකගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වේ.

(Lanka Leads)