Friday, February 06, 2026
Follow Us
චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය අධිකරණ කටයුතු සඳහා භාර දෙයි

චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය අධිකරණ කටයුතු සඳහා යළි ලබාදීම පසුගියදා සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 ​මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක්. විනිසුරුතුමන්ලා සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්. විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්,සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අති නවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් සහිතව උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං (Qi Zhenhong), නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.