දිවයිනේ බොහෝ ප්රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.