Tuesday, January 27, 2026
Follow Us
අස්වැසුම ජනවාරි දිමනාව හෙට ප්‍රතිලාභින්ගේ ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අස්වැසුම පළමු අදියරට අදාළව රු. 11,234,713,750.00ක (එකොළොස් බිලියන දෙසිය තිස් හතර මිලියන හත්සිය දහතුන් දහස් හත්සිය පනහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් (දාහතර ලක්ෂ පහළොස් දහස් පන්සිය අසූ හතරක්) අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව ඇත.

අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,092,200,000.00 (තුන් බිලියන අනූ දෙමිලියන දෙසීය දහසක) මුදලක් ප්‍රතිලාභීන් 618,440 (හය ලක්ෂ දහඅට දහස් හාරසිය හතලිහ)ක් අතරේ බෙදා හැරීමට නියමිතව ඇත.

එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස දීමනාව ලෙස රු.2,235,137,500.00 (දෙමිලියන දෙසිය තිස්පස් මිලියන එකසිය තිස් හත්දහස් පන්සියයක) මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454 (දෙලක්ෂ හතලිස් අටදහස් හාරසිය පනස් හතර )ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටද නියමිතයි.

අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 340,915,000.00 (තුන් බිලියන හතලිස් මිලියන නවසිය පහළොස් දහසක) මුදලක් ප්‍රතිලාභීන් 68,183 (හැට අටදහස් එකසිය අසූතුනයි )ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අසවැසුම ගිණුමට බැර කිරීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් වේ.