Tuesday, January 27, 2026
Follow Us
කතාබහට ලක් වූ බහාලුම් 323 පිළිබඳව මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමටත් තීරණයක්
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වීමට තීරණය කෙරේ
 
 මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමටත් තීරණයක්
 
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම ප.ව 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කෙරිණි.
 
එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් 2026.01.21 දින පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව කාරක සභාව 2026.01.28 වැනි බදාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට නියමිත ය.
 
කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර සාමාජික මන්ත්රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළහ. මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
 
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.