වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා අද(11) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
මේ අතර බන්ධනාගාරමාධ්ය ප්‍රකාශක ධරය හෙබවූ බන්ධනාගාර කොමසාරිස්(මෙහෙයුම් ) ගාමිණී දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙන බව ද වාර්තා වෙයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේදී ජනාධීපති සමාව අවභාවිත කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂණවලදී ඔහුගෙන්ද ප්‍රකාශ ලබාගැනීම සිදු කරන බැවින් මෙහෙයුම් අංශය භාරව කටයුතු කිරීම ද තාවකාලිකව බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) අජිත් බස්නායක මහතා වෙත පවරා ඇත.