Friday, June 13, 2025
Follow Us
පසුගිය දෙසැම්බ්ර් විදුලි බිලට වඩා වැඩි වන්නේ නැහැ - ඇමැති නලින්ද

කිසිඳු ලෙස­කින් මෙවර විදුලි බිල වැඩි­වීම පසු­ගිය දෙසැ­ම්බර් මාසයේ පැවැති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක, ඇමති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (11) පැවැති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී විදු­ලි­බිල වැඩි­වීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වේ­දි­යකු ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

විදුලි බිල නිෂ්පා­දන පිරි­වැ­යට ගැළ­පිය යුතුය යන්න රජයේ ස්ථාව­රය බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.